Friday 19 August 2011

නික්මයෑම

අඩ නින්දෙන් මා  ගැස්සි අවදිවිණි 
ක්ෂණිකයෙන් මාගේ අත යැවුනේ මොබයිල් දුරකථනය වෙත ය
ඒ... කාලහෝරාව හරියටම නිර්ණය කරගැන්මට ය
වේලාව බැලීමට මා සන්තකව තිබු එකම යන්තරය ඒ එය පමණක්ම වූ බැවිනි
අලුයම 2 පසු වී විනාඩි කිහිපයක් ඉක්ම ගොසිනි
නින්ද මවෙත නොයේ...........
කුමක් හෝ නරක සිතිවිල්ලක් මතකයට නැගේ
අම්මා, මල්ලි, අක්කා හා අයියා...... කිහිප අතකට දෝලනය වෙමින් සිහියට නැගේ
පෙර දින සවස අම්මා කියූ දෙය
නැවත නැවතත් මාගේ මතකය අව්ලුවාලයි 
ල්ලි හදිසියේම ලංකාව හැරදමා යාමට තිරණය කලේ අයි?
සියල්ල මාගේ දෙසවන් දෝංකාර දේ 
නොයෙකුත් දෑ මා මනස හොල්මන් කරයි.....
විටෙක තාත්තා,
විටෙක මල්ලි....
මොරගසන හඩ මා දෙසවන් රැව්පිළි රැව්දේ
මොලය පිපිරෙන්නට ආසන්නය
සිතල ඉවසා දරාගත නොහැකිය
මා ශීත ඉර්තුවට නැවත නැවතත් ශාප කලෙමි
නැවත මල්ලි මාගේ මතකය හොල්මන් කරයි
පසුගිය වසර 10 ය මුලුල්ලෙලේම නිවාඩුවක් නොගෙන
එකම ආයතනයකට සේවය කල ඔහු,
හදිසියේම ගත් මෙම තිරණය මා ඉතා අපහසුවට හා විශ්මයට පත් කළේය
ඔහු මට සිටින එකම බාල සහෝදරයාය .
පසුගිය වසර කිහිපයක කාලයක් මුළුල්ලේ මා ගත කලේ ඔහු සමගයි
දුක සැප දෙකම එකට බෙදා ගෙන වසර ගණනාවක් අප එකට ජිවත් උනි
මා ඔහු හැර දමා එන විට මාගේ නෙතේ කදුලක් ඉපදුනිද ,
ඔහු මා වත්තම් කරගෙන මා සැනසු අයුරු මට මේ මොහොතේද සිහියට නැගේ
ඇතැම් ප්‍රශ්න සදහා කාලයා විසින් පිළිවදන් සපයා දේ
අදටත් මා විසින් අදහන යම් දෙයක් වේ ,
කොතරම් පහදා අවබෝධ කර දුන්නත්
සමහරුන් සිටින්නේ ඔව්නට වැරදි.......
ඉන් අනතුරුව නිවැරදි කර ගත යුතු අවදියකය, වයසකය..


මල්ලිට වරදින්නට වැඩි වෙලාවක් ගියේ නැත
මල්ලි සිටින්නද එවන් අවදියකය ..........

No comments: