Wednesday 24 September 2014

මම මේ ආදරේ විඳ ගත්තොත් මට පව් පිරේවි

මට මතක් වෙනවා ධර්මරාජේ ඉගනගත්තු මගේ යළුවෙක් කියපු කතාවක්.


" ජිව්තේ කවදා හරි දවසක,

ඒ ගැන ආයි පසුතැවෙන විදිහට ඔය ප්‍රශ්නෙට පිළිතුරු හොයන්න එපා"

මම එදා ඒ ප්‍රශ්නෙට කාලයට ඉඩ දීල බලා ගෙන හිටිය.

අද මට ඒ වගේ ප්‍රශ්න සීයදාහක් විතර තිනවා.

ජිවිතේ එන ප්‍රශ්න වලට පිළිතුරු නොදී පැනලා යන එක විසදුමක් නොවේ.

මට එදා ඒ ප්‍රශ්නෙට මුණ දෙන්න තරම් ශක්තියක් තිබුනා නම්,

අද මගේ ජිවිතේ ඇතුලේ මෙච්චර ප්‍රශ්න මට නොතිබෙන්න බොහෝදුරට ඉඩ තිබුනා.

මහනුවර පිළිමතලාවේ වට්ටප්පල ප්‍රදේශයේ දෙමහල් පුන්ච්ම පුංච් මාලිගාවක් හැදුව.

ඒ අපිට

මම දන්නා එකම එක දෙයක් තිනවා.

ඒ ගෙදර උඩුමහලේ කාමරයක් අදටත් දොරගුළු දාලා වහල තිනවා.

ඒ මන් වෙනුවෙන්.

ඒ කාමරේ දොරවල් හැමදාමත් වහලා තියේවි.

ඔයාගේ නෝනා වත් ඒ කාමරේ දොර අරින්න උත්සහ කරන එකක් නැ.

මම මගේ ජීවතේ කරපු එකම එක වරදටවත් ඔයා මට සමව දුන්නේ නැ.

මම කවද හරි දවසක මැරෙන්නේ වැරදි කාරයෙක් විදිහට.

ඒ කියන්නේ වරදකට සමාවක් නොලබපු මනුෂ්ශ්යෙක් විදිහට.

මම කරපු එකම එක වරදට මට දුන්නු දඩුවම දරුණු වැඩි කියල කවදා හරි දවසක ඔයාට හිතේවි.

මම ආදරේ කලා, වයිර කලා, පලි ගත්තා, දුක් වින්දා, හැඬුවා, වැලපුනා ....

මේ හැම දෙයක්ම මගේ තනි හිත පිලි ගත්තා, මට තනි රැක්කා, ඔයා වගේ මාව තනි කලේ නෑ.

"වින්ද්‍යා මගේ අස් වලින් ඇතට යන්නෙපා"

අද මන් ඔයාගේ ඇස් වලින් මුහුදු හතකටත් වැඩිය ඇතයි.

අස් පියවෙන හැම මොහොතකම ඔයා මගේ ඇස් ඉදිරියට එනවා.

චායාවක් විදිහට නෙමේ,

ජීවමානව.

මම මේ ආදරේ විඳ ගත්තොත් මට පව් පිරේවි.