Wednesday 28 May 2014


හීනයක් වගේ ඇතට ගිහින්.... .
අයිමත් ළඟට ඇවිත්,
නොපෙනී යන්න තරම්
ආදරය මේ ජිවිතේ දී ලබාගන්න
මං පාරමී පුරලා නැතුව ඇති.
ඈත  අහසේ දිදුලන තාරකා වලට ආදරේ කරන්න
මං පිං කරල තිබුනට,
ඔබට ආදරේ කරන්න ඒ පිං මදි ඇති.
සසර පුරාවටම මට හිමි නොම වන
මේ සෙනෙහස ලෝකයක් තරමට මට වටිනා බව
මොහොතකට හෝ ඔබට දැනේවී නම්.,
මේ ජිවිතේ මන් දකින ලස්සනම හීනෙ
ඒක වේවි......