Monday, 13 October 2014

පසු කියවීම

නිහඬව ගෙවීගිය පහුගිය වකවානුව හරියට
හීනයක් වගේ
මට මතකයි මම එක තැනක ලියුවා
සියලු ධන සිතිවිලි වලින් පසුව
 "සත්තයි ඒක වෙන්නෑ කියල..."
සත්තකින්ම අදහන්න මට ඔබ එපා
මේ ආත්මබවයේදී පමණක් නොව උපදින මතු
කිසිඳු ආත්මබවයේදී මට ඔබ එපා
පුරුවවේ මා කල යම් පිනක් අනුමෝදම් වීමෙන්
ඔබ මගේ ජීවිතයෙන් ඇතට යන්නට ඇති
ඇත්තටම එය අද මට ආශීර්වාදයකි
එවක මා හඬන්නට ඇති
වැලපෙන්නට ඇති
එනමුත් ඒ සියල්ල මට ආශීර්වාදයක් උනි
අද මා ලෝකයේ යම් තැනක සිටින්නේද
ඒ එදා ඔබ මා හැරදා ගිය නිසාවෙන්මය
ඔබ මගේ ලෝකයෙන් නික්ම නොයන්නට අදටත්
මා නිකමෙකි...

2 comments:

Mahesh Rathnayaka said...

ආවො ගියෝ
අදටත් ඇති හිත් වල කොණක
එල්ලීගෙන...
ඒ වුණත් ආගිය අතක්
නැතිව ඇති...

කමෙන්ට් කරන්න තියෙන විදිය වෙනස් කරන්න කමෙන්ට් වෙරිෆිකේෂන් අනන් මනන් අයින් කරල...
හ්ම්....
ජයවේවා

වීයංගා said...

බෝහෝම ස්තුතියි..
දන්නේ නැති දෙයක් කියල දුන්නට.


අලුත් දේ සොයා යන විට වරදී..
නිවැරදි කර ගැන්මට අත දීම හොඳ ගතියකි...