වඩින තුරු සඳ එළිය
නෙත් අබියස අඳුරුය
දිනක් කවදා හෝ ඒවීය
හිරු පාය වී එළිය
එන තුරා නුඹ මග බලන්
හිඳිමි මා නෙත් වලින්
පාරා සිතුවිලි සිත අව්ලින්
දවාවී මේ දුක් මතකයන්
නෙත් අබියස අඳුරුය
දිනක් කවදා හෝ ඒවීය
හිරු පාය වී එළිය
එන තුරා නුඹ මග බලන්
හිඳිමි මා නෙත් වලින්
පාරා සිතුවිලි සිත අව්ලින්
දවාවී මේ දුක් මතකයන්
නොදත් කමට කවිකම්
ලියවේය අනෝරා වැහි මත ගිගුරුම්
නගිත් නම් මහා ගිරි දම්
එයත් යෙහෙකි ඔබට මා හැර යා නම්
ලියවේය අනෝරා වැහි මත ගිගුරුම්
නගිත් නම් මහා ගිරි දම්
එයත් යෙහෙකි ඔබට මා හැර යා නම්
කියාදුන්නේ මට නුඹ ඇයි
අහස් ගැබ තුල සඳ එළිය සඟවා කළුවරයි
හිරු පායා නැවත එසේනම් එළිය වනු ඇයි