Sunday 12 October 2014

සැඩ පහරත් සමගම මා පහළටම ඇදී යයි...




ඊයේ දිනයේ සිදුවුයේ කුමක්ද කියා පසු විමසුමක් කිරීමටයි මා මේ සුදානම් වන්නේ. 

දිනය 2014 ඔක්තෝම්බර් මස 12 වෙනි ඉරිදා.

සිදුවූ දෙය ටක්කෙටම මට නිර්ණය කරගත හැක.
නමුත් හැමදාම වගේ විසදුමක් තමයි සොයා ගැනීමට අපහසු..
හැමදේටම වගේ මෙයටත් මහා පොදු සාදකය වුයේ "මුදල්"
මුදල් අවශ්‍ය වන්නේ මිනිස්සුන්ට යැපීමට පමණක්ම ද?
යැපීමටත්, අනාගතය සඳහා ඉතිරි කර ගැනීමටත් අවශ්‍යයි.
මෙහිදී ප්‍රශ්නයට පාදක වන්නේ අනවශ්‍ය පුද්ගලයන් අතර මුදල් බෙදී යාමත්,
එයට පැට්‍රල් පුච්චන්නේ මා වීමත්ය....
මෙහිදී මගේ මතකය අතීතයට දිව යයි.
මා මේ කියන්නට යන්නේ වසර දෙකකට පමණ පෙර සිදුවූ සිද්දි දාමයක් ගැනය.
මෙය චක්‍රාකාරව අදදු සිදුවන නිසාය.
මිට වසර දෙකකට පෙර මාගේ ගර්බනි කාල වකවකවනුව තුලදී හා
ඊට පෙර විවාහයෙන් අනතුරුව මා මුදල් පාලනයේදී බොහෝ සැලකිලි මත් වී
යමක් අනාගතයට ඉතිරි කර ගැනීමට ගත් වෙහෙස දන්නේ අදඳු මා පමණි.
මුදල් ඉපයීමට හැකි කමක් එවකට මට නොතිබුණද ඔහු අමාරුවෙන් ඉපයූ ,
දෙයින් කොටසක් කෙසේ හෝ අනාගතය සඳහා ඉතිරි කර තැබීමට හැමවිටම මම වග බල ගතිමි.
නමුත් සියල්ල විනාස කර දැමීමට මොහොතක් ගත වන්නේ නැත.
ආහාර සඳහා උව මා බොහෝ සෙයින් පිරිමසා ගෙන කටයුතු කළේය.
මෙය හුදෙක්ම ලෝබ කමකට කල දෙයක් නොවනා වග සඳහන් කල යුතුමය..
ආහාර සඳහා මෙවන් ප්‍රතිපත්තියක් අනුගමනය කළේ නම්
අනෙක් දේවල් ගැන මා අමුතුවෙන් සඳහන් කිරීමට යන්නේ නැත.
එය ඔබට අනුමාන කිරීමට ඉඩ හරිමි...
කාත් කව්රුවත් නැති රටකට තනියම විත්,
ලුණු පොල් කට්ටේ සිට ගොඩනගා ගෙන
ජීවිතය ගෙනයාමට ගන්නා වෙහෙස මට අමුතුවෙන් තවත් කෙනකුට විස්තර කිරීමට
අවශ්‍ය නැතැයි මා සිතමි...
ප්‍රනීත ආහාරයක් ගන්නේ නැතිව,
සිතැඟි පරිදි ඇඳුමක් අඳින්නේ නැතිව,
ආසා හිතෙන දෙයක් මුදලට මිලදී ගන්නේ නැතිව,
හුස්ම ගැනීමට පමණක් අවශ්‍ය දැ සපුරා ගෙන,
හුදෙක්ම ජීවිතය ගෙන ගිය කාල වකවානුවක් විය එවක... 
මෙසේ ගත කල කලච්චේදය මට කලුසුදු චිත්‍රයක් මෙන්
සිත්තම් කල හැක...
නමුත් පාට තවරා වර්ණවත් කල නොහැකි බව නම්
ඉඳුරාම සඳහන් කල යුතුය...

මා ඉහතින් සඳහන් කළා මතක ඇති
...සියල්ල විනාස කර දැමීමට මොහොතක් ගත වන්නේ නැත. යන්න
මම එතැනින් නැවත ආරම්බ කරමි...
අම්මා එක වචනයක් දැමු පමණින්
ඔහු සියල්ල ඇයට පුදා අත පිසදා ගෙන අහවරය...
සිදුවූ දෙය දැන් නිර්ණය කර ගැනීමට හැකිය...
කාලාන්තරයක් කල කැපකිරීම් සියල්ල
ගඟට කැපූ ඉනි මෙන් විය.
එදා සිදුවූයේත් මෙයයි...
අද සිදුවන්නේත් එයයි ( )
මම පෙර වාක්‍ය ට නැවතීමේ ලකුණ තබන්නේ නැත.
මන්ද එය අනාගතයේදීද එයාකාරයෙන්ම සිදුවන බව
මම ඉඳුරාම පවසමි.

වරද කොතනද?

මා ගේද?
ඔහු ගේද?
නැතහොත් අම්මා ගේද?

පිළිතුර මම කිසිවෙකුට බාර නොකරමි...
පිළිතුර පැහැදිලිය.
දැන් එය නිවැරදි කිරීමට කාලය නොවේ.
නමුත් එය නිවැරදි කිරීමට කාලයක් එනු ඇත...
තව වසර ගණනාවක් මෙයාකාරයෙන්ම ගෙවී යනු ඇත.
අනතුරුව
එය නිරායාසයෙන්ම නිවැරදි වනු ඇති.
මට මතක් වෙනවා
මගේ ජීවිතය වෙනස් කරපු බයිබලයේ තිබුණු එක පාටයක්
මේක සුවිශේෂක පාටයක් ...
දෙවියන් වහන්සේ ස්වර්ග රාජ්‍ය සමාන කරනවා
"  කේතක සගවා තැබූ නිඩනයකට  "
මේ බයිබල් පාටය මගේ ජීවිතය පුදුමාකාර විදිහට වෙනස් කරපු තැනක්... 

මා ජීවිතය නැති කර ගැන්මට තැත් කළ එක් අවස්ථාවක,
එය වැලක් වුයේ මාගේම ඇට මස් ලේ නහර වලින් සැදුණු මගේ දරුවා ය.
නැවත වතාවක් මා ඉන් මුදවා ගත්තේ මේ බයිබල් පාටයයි...
නැවත වතාවක් මා එම ක්‍රියාවට ඇත නොපොවන්නට තරම්
මේ පාටය ප්‍රබල වීය.

කෙසේ නමුත් කොහෙවත් යන ගැහැනියකුගේ සහා මිනිසකුගේ
විනෝදයේ අතකොළුවක් බවට පත් වූ මා
ඒ කාලකන්නින් වෙනුවෙන් මගේ ජිවිතයෙන් වන්දි ගෙවන්නේ
කුමකටද?

හැමදාම වගේ කාලය වේගයෙන් ගෙවී ගිහිං
හෙට එළි පත්තට වන්නේ සිත නොපරන නැවුම් දිනකට නම්..
මම අනෙක වාරයක් තුටු වීමි...

සැඩ පහර කේතරම් දරුණුද කියතත්,
කෙතරම් වැර දරා උඩුගං බලා පිහිනුවත් සැඩ පහරත් සමගම මා පහළටම ඇදී යයි...
එය මට අරුමයක් නොවේ...
නමුත් මා එතැකින් නොනවතිමි.
පරම්බාමින්...
උඩුගං බලාම පිහිනමි...


 


No comments: