Friday 29 July 2011

මගේ අම්මා සුවපත් වේවා



හලෝ ......
හලෝ අම්මා චුටි දුව වියංගා කතා කරන්නේ,
ආ පුතේ ඔයාට කොහොමද, අම්මා අහනවා
මන් හොදින් , අම්මා හොදින් නේද ..
ඔව්
ඔව් අම්මා අයිත් කියනවා. තාමත් සීතලද ඔහෙට , ඒ අම්මා,,,,,
ඔව් අම්මා ඊයේ හිම වැටුනා. මේ දවස්වල temperature එක මයිනස් යන්නේ. ඉන්න හරි අමාරුයි, සීතලයි.
පරිස්සමින් හොදට ජැකට් දාල එලියට යනකොට යන්න. ඒ අම්මා.
ඔව් ඔව් අයිත් මම කියනවා.
අම්මා බෙහෙත් ගත්තද, කොහොමද දැන් කකුල එහෙම.
කකුල පොඩ්ඩක් රිදෙනවා, ඩොක්ට අලුතෙන් බෙහෙත් ගොඩක් ලියු
වා. ඒවා ගන්නවා. අම්මා අයෙත් කියනවා.

........... මේ සතියකට දෙතුන් වතාවක් මාත්
අම්මාත් අතර සිද්ද වෙන දුරකථන සංවාදය අවසන් වෙන විදිහ.
අම්මා පොඩි පොඩි අමාරු කියනවා.
එතකොට මගේ මොලෙන් මට නිකුත් කරනවා පිළිගන්න අමාරුම ස්න්යාවක්.
ඒ අම්මා වයසට ගිහිල්ල කියන එක.
මගේ අම්මා තාම තරුණයි. ඒ මට හැගෙන විදිහ.
එත් අපිට හැගෙන විදිහයි, ඇත්තයි අතර ලොකු වෙනසක් තිනවා.
2010 අන්තිම කාලේ මන් ලංකාව හැරලා දාලා මේ සිතල රටට එනවා.
එතැනදී මගේ අම්මා මට මග හැරෙනවා.
ජිවිතේ අපිව කාලෙන් කාලෙට එක එක තැන් වලට යොමු කරනවා.
එතැනදී අපිට අපේම උවන් මග හැරෙනවා.
මේක ගමනක්. නැවතුමක් නෑ.
අම්මගේ ප්‍රාර්ථනාව මන් හොදට ඉගන ගන්න එක. ඒක ලෝකේ කොහේ හරි කමක් නෑ.
එත් , මට මගේ අම්මා මග හැරෙනවා එතැනදී.
මන් මොකද කරන්නේ. මට එයා බලාගන්න බැරි වෙන පව ගෙවා ගන්න බැරි වේවි......
කොහොම නමුත් මගේ අම්මා සුවපත්
වේවා
උපදින හැම බවයකදිම මගේම අම්මා වෙන්න කියල මන් ප්‍රර්ථනා කරනවා...

2 comments:

බස්සා said...

නුඹේ සිත දැනේ මට..
මන්ද..
මාත් නුඹ මෙන්ම...
තනිවුනු සීත රටක...
නිසාවෙන් අහිමිවු සෙනෙහස..
දිරි ගනින් නගේ..
නුඹ තනිව නැත...
නුඹෙ අම්මා ඇත.
නුඹට අවැසි විට...
මගේ අම්මා වගෙම..

වීයංගා said...

බොහොම පින් සහෝ,
අපිව ජිවත් කරවන්නේ
අන් අයගේ අදහස් හා සිතුවිලි
වදන් වලින් ගරා වැටුණු ජිවිත වලට පන්නරයක් දෙනවට
නැවත වාරයක් පින්..........