මගේ ලෝකය සහා මා හදුනා ගත් ලෝකය...... පිපාසයට දිය පොදක් වගෙයි ආදරේ කියන්නේ. එහෙත් මෙය හුදෙක්ම ආදරය හොයාගෙන යන ගමනක් නොවේ. මෙය මේ සංසාරෙ සැරි සරමින් හුදෙක්ම ජීවිතය හොයාගෙන යන ගමනක්. මේ ගමනේ විඩාව නිවන පුංචිම පුංච් දිය බින්දුවක් විතරයි හුදෙක්ම ආදරය.... මේ පිපාසාව සංසිදුවා ගැනීමට නොහැකි වූ සුවහසක් හදවත් වෙනුවෙන්මයි..... මේ පුංචි සටහන.....
Thursday, 20 November 2014
හඬන විට හදවත මොර ගසා
මුළු අහස් තලයම ඉකිබිඳී
සිටියද දෙනෝ දාහක් පසු තලය තුල
දැනේ තනි කමක් මට අදඳු පෙර මෙන්
වාලුකා තලයම කම්පා කරමින්
හිස් අහස් තලයම එකළු කරමින්
දොරේ ගලා යයි වැහි අඳුර මෝරමින්
පොලෝ තලයම කම්පිත කරමින්
මුරගසං වැහි කඩා හැලෙන
මේ මූසල හැන්දෑව
රාත්රියට හඬ ගසයි
සළු පිළි උනා දමා
එක් වෙන්න හුන් සමග....
Monday, 10 November 2014
නිමක් නැති දොරේ ගලන ආදරේ..........
මගේ සිතිවිලි එකම අහසක ගොනු කරන්න මට පුළුවන් වුණා නම්,
මේ ගලන කදුළු නවතා ලන්න මගේ අකීකරු හිතට පුළුවන් වුණා නම්,
ගලාගෙන යන මේ ජිවිතේ එකම තැනක නතර කරගන්න මට පුළුවන් වුණා නම්,
ආදරේ හිතෙන වාරයක් වාරයක් ගානේ ඒ ආදරේ මට අයිති නැ කියල මගේ හිතට දන්වන්න මට පුළුවන් වුණා නම්,
සැනසීමක් නැති මේ හිතට නිවී සැනසෙන්න එකම එක වතාවක් හරි ඉඩ හරින්න මට පුළුවන් වුණා නම්,
ලෝකේ කොහේ හරි ඈතක හැංගිලා පුචිම පුංචි තිතක් වෙලා නොපෙනී යන්න මට පුළුවන් උන නම්,
මං මේ ගෙවන ජිවිතේ මගේ නෙමේ කියල තේරුම් ගන්න මට පුළුවන් වුණා නම්,
මොහොතකට මං ම නවතීවි
කොහේ වත් නමේ
මගේ හිත දොර අද්දරම
කියාගන්න බැරි දාහක් දේ එක්ක
මගේ හිත නවතී වී
ආයි කවදාවත්ම , පැවැත්මක් නැති විදිහටම
මේ සිතල කදුළු වල බර , අනේ ..............
මට තාමත් දැනෙනවා
අදහන්න මං තාමත් ජිවත් වෙනවා වගේ මට දැනෙනෙවා
විශ්වාස කරන්න, මට මැරෙන්න ඕන
හැමදාම කියනවා වගේ
මං ක්සිතිජයේ දී
ආයි හමුවෙන්න
අමතක කරන්න එපා
මං නැතිඋනොත් ක්සිතිජයට එන්න
බලාගෙන ඉන්නවා.............
මං.
ගලාගෙන යන මේ ජිවිතේ එකම තැනක නතර කරගන්න මට පුළුවන් වුණා නම්,
ආදරේ හිතෙන වාරයක් වාරයක් ගානේ ඒ ආදරේ මට අයිති නැ කියල මගේ හිතට දන්වන්න මට පුළුවන් වුණා නම්,
සැනසීමක් නැති මේ හිතට නිවී සැනසෙන්න එකම එක වතාවක් හරි ඉඩ හරින්න මට පුළුවන් වුණා නම්,
ලෝකේ කොහේ හරි ඈතක හැංගිලා පුචිම පුංචි තිතක් වෙලා නොපෙනී යන්න මට පුළුවන් උන නම්,
මං මේ ගෙවන ජිවිතේ මගේ නෙමේ කියල තේරුම් ගන්න මට පුළුවන් වුණා නම්,
මොහොතකට මං ම නවතීවි
කොහේ වත් නමේ
මගේ හිත දොර අද්දරම
කියාගන්න බැරි දාහක් දේ එක්ක
මගේ හිත නවතී වී
ආයි කවදාවත්ම , පැවැත්මක් නැති විදිහටම
මේ සිතල කදුළු වල බර , අනේ ..............
මට තාමත් දැනෙනවා
අදහන්න මං තාමත් ජිවත් වෙනවා වගේ මට දැනෙනෙවා
විශ්වාස කරන්න, මට මැරෙන්න ඕන
හැමදාම කියනවා වගේ
මං ක්සිතිජයේ දී
ආයි හමුවෙන්න
අමතක කරන්න එපා
මං නැතිඋනොත් ක්සිතිජයට එන්න
බලාගෙන ඉන්නවා.............
මං.
''අම්මා මං තව මහත් වෙන්නේ නෑ. මේ ලොකු ඇඳුම් අපරාදේ''
මාස දහයක කාලයක් මගේ ඇගේම කොටසක් විදිහට ජිවත් උන ඔයා හරියටම තව සති තුනකින් මගෙන් වෙන් වෙලා මේ ලෝකේ එලිය බලනවා. අම්මා කෙනෙක් ජිවිතේ ලබන සුන්දරම අත්දැකීම මේක වෙන්න ඇති. මම ඉපදෙනකොට මගේ අම්මාටත් මේ වගේම දැනෙන්න ඇති කියල මං විශ්වාස කරනවා. මට මතකයි මං ලංකාවෙන් එනකොට, හරියටම අව්රුදු දෙකහාමරකට තුනකට උඩදී මට ඕන කරන දේවල් ගන්න අම්මාත් එක්ක යනකොට ඒ හැම අවස්ථාවකදීම ටිකක් ලොකු ඇඳුමක් දෙකක් අරගෙන මගේ බැග් එකට දාන්න මගේ අම්මා අමතක කලේ නැ. එත් ඒ හැම අවස්ථාවකම මං අම්මාට කිව්වේ ''අම්මා මං තව මහත් වෙන්නේ නෑ. මේ ලොකු ඇඳුම් අපරාදේ කියල''. එතකොට අම්මාගේ පිළිතුර වුනේ '' මේවා ඔයාට ටික දවසකින් ප්රයෝජනවත් වේවි '' යන්නයි. එත් මගේ බඩ ටික ටික ලොකු වෙද්දී මට අදින්න පුළුවන් උනේ අම්මා මට බලෙන් දාලා එවපු ඇඳුම් ටික විතරයි.
ජිවිතේ කියන්නේ මහා පුදුම දෙයක්.
අපේ දෙමව්පියෝ සමහර දේවල් කරන්නේ ඉවෙන් වගේ.
අපිට ඒ අයත් එක්ක හැරෙන්න වත් බෑ.......................
Monday, 13 October 2014
පසු කියවීම
නිහඬව ගෙවීගිය පහුගිය වකවානුව හරියට
හීනයක් වගේ
මට මතකයි මම එක තැනක ලියුවා
සියලු ධන සිතිවිලි වලින් පසුව
"සත්තයි ඒක වෙන්නෑ කියල..."
සත්තකින්ම අදහන්න මට ඔබ එපා
මේ ආත්මබවයේදී පමණක් නොව උපදින මතු
කිසිඳු ආත්මබවයේදී මට ඔබ එපා
පුරුවවේ මා කල යම් පිනක් අනුමෝදම් වීමෙන්
ඔබ මගේ ජීවිතයෙන් ඇතට යන්නට ඇති
ඇත්තටම එය අද මට ආශීර්වාදයකි
එවක මා හඬන්නට ඇති
වැලපෙන්නට ඇති
එනමුත් ඒ සියල්ල මට ආශීර්වාදයක් උනි
අද මා ලෝකයේ යම් තැනක සිටින්නේද
ඒ එදා ඔබ මා හැරදා ගිය නිසාවෙන්මය
ඔබ මගේ ලෝකයෙන් නික්ම නොයන්නට අදටත්
මා නිකමෙකි...
හීනයක් වගේ
මට මතකයි මම එක තැනක ලියුවා
සියලු ධන සිතිවිලි වලින් පසුව
"සත්තයි ඒක වෙන්නෑ කියල..."
සත්තකින්ම අදහන්න මට ඔබ එපා
මේ ආත්මබවයේදී පමණක් නොව උපදින මතු
කිසිඳු ආත්මබවයේදී මට ඔබ එපා
පුරුවවේ මා කල යම් පිනක් අනුමෝදම් වීමෙන්
ඔබ මගේ ජීවිතයෙන් ඇතට යන්නට ඇති
ඇත්තටම එය අද මට ආශීර්වාදයකි
එවක මා හඬන්නට ඇති
වැලපෙන්නට ඇති
එනමුත් ඒ සියල්ල මට ආශීර්වාදයක් උනි
අද මා ලෝකයේ යම් තැනක සිටින්නේද
ඒ එදා ඔබ මා හැරදා ගිය නිසාවෙන්මය
ඔබ මගේ ලෝකයෙන් නික්ම නොයන්නට අදටත්
මා නිකමෙකි...
Sunday, 12 October 2014
Subscribe to:
Comments (Atom)


