අඩ නින්දෙන් මා ගැස්සි අවදිවිණි
ක්ෂණිකයෙන් මාගේ අත යැවුනේ මොබයිල් දුරකථනය වෙත ය
ඒ... කාලහෝරාව හරියටම නිර්ණය කරගැන්මට ය
වේලාව බැලීමට මා සන්තකව තිබු එකම යන්තරය ඒ එය පමණක්ම වූ බැවිනි
අලුයම 2 පසු වී විනාඩි කිහිපයක් ඉක්ම ගොසිනි
නින්ද මවෙත නොයේ...........
කුමක් හෝ නරක සිතිවිල්ලක් මතකයට නැගේ
අම්මා, මල්ලි, අක්කා හා අයියා...... කිහිප අතකට දෝලනය වෙමින් සිහියට නැගේ
පෙර දින සවස අම්මා කියූ දෙය
නැවත නැවතත් මාගේ මතකය අව්ලුවාලයි
මල්ලි හදිසියේම ලංකාව හැරදමා යාමට තිරණය කලේ අයි?
සියල්ල මාගේ දෙසවන් දෝංකාර දේ
නොයෙකුත් දෑ මා මනස හොල්මන් කරයි.....
විටෙක තාත්තා,
විටෙක මල්ලි....
මොරගසන හඩ මා දෙසවන් රැව්පිළි රැව්දේ
මොලය පිපිරෙන්නට ආසන්නය
සිතල ඉවසා දරාගත නොහැකිය
මා ශීත ඉර්තුවට නැවත නැවතත් ශාප කලෙමි
නැවත මල්ලි මාගේ මතකය හොල්මන් කරයි
පසුගිය වසර 10 ය මුලුල්ලෙලේම නිවාඩුවක් නොගෙන
එකම ආයතනයකට සේවය කල ඔහු,
හදිසියේම ගත් මෙම තිරණය මා ඉතා අපහසුවට හා විශ්මයට පත් කළේය
ඔහු මට සිටින එකම බාල සහෝදරයාය .
පසුගිය වසර කිහිපයක කාලයක් මුළුල්ලේ මා ගත කලේ ඔහු සමගයි
දුක සැප දෙකම එකට බෙදා ගෙන වසර ගණනාවක් අප එකට ජිවත් උනි
මා ඔහු හැර දමා එන විට මාගේ නෙතේ කදුලක් ඉපදුනිද ,
ඔහු මා වත්තම් කරගෙන මා සැනසු අයුරු මට මේ මොහොතේද සිහියට නැගේ
ඇතැම් ප්‍රශ්න සදහා කාලයා විසින් පිළිවදන් සපයා දේ
අදටත් මා විසින් අදහන යම් දෙයක් වේ ,
ඒ කොතරම් පහදා අවබෝධ කර දුන්නත්
සමහරුන් සිටින්නේ ඔව්නට වැරදි.......
ඉන් අනතුරුව නිවැරදි කර ගත යුතු අවදියකය, වයසකය..
මල්ලිට වරදින්නට වැඩි වෙලාවක් ගියේ නැත
මල්ලි සිටින්නද එවන් අවදියකය ..........
මගේ ලෝකය සහා මා හදුනා ගත් ලෝකය...... පිපාසයට දිය පොදක් වගෙයි ආදරේ කියන්නේ. එහෙත් මෙය හුදෙක්ම ආදරය හොයාගෙන යන ගමනක් නොවේ. මෙය මේ සංසාරෙ සැරි සරමින් හුදෙක්ම ජීවිතය හොයාගෙන යන ගමනක්. මේ ගමනේ විඩාව නිවන පුංචිම පුංච් දිය බින්දුවක් විතරයි හුදෙක්ම ආදරය.... මේ පිපාසාව සංසිදුවා ගැනීමට නොහැකි වූ සුවහසක් හදවත් වෙනුවෙන්මයි..... මේ පුංචි සටහන.....
Friday, 19 August 2011
Wednesday, 3 August 2011
Friday, 29 July 2011
මගේ අම්මා සුවපත් වේවා
හලෝ ......
හලෝ අම්මා චුටි දුව වියංගා කතා කරන්නේ,
ආ පුතේ ඔයාට කොහොමද, අම්මා අහනවා
මන් හොදින් , අම්මා හොදින් නේද ..
ඔව් ඔව් අම්මා අයිත් කියනවා. තාමත් සීතලද ඔහෙට , ඒ අම්මා,,,,,
ඔව් අම්මා ඊයේ හිම වැටුනා. මේ දවස්වල temperature එක මයිනස් යන්නේ. ඉන්න හරි අමාරුයි, සීතලයි.
පරිස්සමින් හොදට ජැකට් දාල එලියට යනකොට යන්න. ඒ අම්මා.
ඔව් ඔව් අයිත් මම කියනවා.
අම්මා බෙහෙත් ගත්තද, කොහොමද දැන් කකුල එහෙම.
කකුල පොඩ්ඩක් රිදෙනවා, ඩොක්ට අලුතෙන් බෙහෙත් ගොඩක් ලියුවා. ඒවා ගන්නවා. අම්මා අයෙත් කියනවා.
........... මේ සතියකට දෙතුන් වතාවක් මාත් අම්මාත් අතර සිද්ද වෙන දුරකථන සංවාදය අවසන් වෙන විදිහ.
අම්මා පොඩි පොඩි අමාරු කියනවා.
එතකොට මගේ මොලෙන් මට නිකුත් කරනවා පිළිගන්න අමාරුම ස්න්යාවක්.
ඒ අම්මා වයසට ගිහිල්ල කියන එක.
මගේ අම්මා තාම තරුණයි. ඒ මට හැගෙන විදිහ.
එත් අපිට හැගෙන විදිහයි, ඇත්තයි අතර ලොකු වෙනසක් තිනවා.
2010 අන්තිම කාලේ මන් ලංකාව හැරලා දාලා මේ සිතල රටට එනවා.
එතැනදී මගේ අම්මා මට මග හැරෙනවා.
ජිවිතේ අපිව කාලෙන් කාලෙට එක එක තැන් වලට යොමු කරනවා.
එතැනදී අපිට අපේම උවන් මග හැරෙනවා.
මේක ගමනක්. නැවතුමක් නෑ.
අම්මගේ ප්‍රාර්ථනාව මන් හොදට ඉගන ගන්න එක. ඒක ලෝකේ කොහේ හරි කමක් නෑ.
එත් , මට මගේ අම්මා මග හැරෙනවා එතැනදී.
මන් මොකද කරන්නේ. මට එයා බලාගන්න බැරි වෙන පව ගෙවා ගන්න බැරි වේවි......
කොහොම නමුත් මගේ අම්මා සුවපත් වේවා
උපදින හැම බවයකදිම මගේම අම්මා වෙන්න කියල මන් ප්‍රර්ථනා කරනවා...
Tuesday, 19 July 2011
ගරා වැටුණු සිත් අහස
ගරා වැටුණු සිත් අහසට පුංචිම පුංච් දියබිදුවක් වෙලා විත්,
මහා වැස්සක් වගෙ හරියට අනෝරා වැස්සක් වගෙ අද හැලෙන්න..,,,,,
එකම එක පාරක් මගේ වෙලා
මගේ හිත් අහස පුරා පයන්න ඔයාට පුළුවන් උනා නම්..,,,,,
ජිවිතේ වැරදිච්ච හැම තැනකටම අයෙත් යන්න අපිට පුළුවන් උනා නම්..,,,,,
මගේ හිතුවක්කාර මේ හිත නීවී පහන් වේවි..,,,,,
අයේ කවදාවත් ම නැති විදිහට..,,,,,
ඔයාට මහා ගොඩාරියක් පින් සිදු වේවි
එත්..,,,,,
එක වෙන් නැ..,,,,, ඇත්තමයි
අදහන්න
මුහුදු හතක් දුර සීතලම සිතල රටක
කාත් කව්රුවත් නැති හිගන්නියක් ගානට මන් තනි උනේ කව්රු නිසාද කියල
ඔයාට හීනෙන් වත් හිතා ගන්න බැරි වේවි..,,,,,
අඬන්න මගේ ඇස් වලට කදුළු කෝ..,,,,,
දියවෙච්චි මගේ ජිවිතේ පන අදින්නේ හරියට මගේ ආදරේ වගේ,.................
ඇත්තමයි,...........
මහා වැස්සක් වගෙ හරියට අනෝරා වැස්සක් වගෙ අද හැලෙන්න..,,,,,
එකම එක පාරක් මගේ වෙලා
මගේ හිත් අහස පුරා පයන්න ඔයාට පුළුවන් උනා නම්..,,,,,
ජිවිතේ වැරදිච්ච හැම තැනකටම අයෙත් යන්න අපිට පුළුවන් උනා නම්..,,,,,
මගේ හිතුවක්කාර මේ හිත නීවී පහන් වේවි..,,,,,
අයේ කවදාවත් ම නැති විදිහට..,,,,,
ඔයාට මහා ගොඩාරියක් පින් සිදු වේවි
එත්..,,,,,
එක වෙන් නැ..,,,,, ඇත්තමයි
අදහන්න
මුහුදු හතක් දුර සීතලම සිතල රටක
කාත් කව්රුවත් නැති හිගන්නියක් ගානට මන් තනි උනේ කව්රු නිසාද කියල
ඔයාට හීනෙන් වත් හිතා ගන්න බැරි වේවි..,,,,,
අඬන්න මගේ ඇස් වලට කදුළු කෝ..,,,,,
දියවෙච්චි මගේ ජිවිතේ පන අදින්නේ හරියට මගේ ආදරේ වගේ,.................
ඇත්තමයි,...........
Subscribe to:
Comments (Atom)



