Monday, 10 November 2014

''අම්මා මං තව මහත් වෙන්නේ නෑ. මේ ලොකු ඇඳුම් අපරාදේ''








මේ සටහන මං මගේ පරණ දින පොතකින් උපුටා ගන්නා ලද්දක්. මගේ මතකය නිවැරදි නං මං මේක ලියලා තියෙන්නේ 2012 මාර්තු මාසේ අග බාගයේදී වෙන්න ඕනා. මං මේ සටහන් පෙළ ටික දිනක සිට සොයමින් හිටියේ. මේ පරණ දේවල් නැවත නැවත කියවනකොට පුදුමාකාර පන්නරයක් හිතට දැනෙනෙව.



මාස දහයක කාලයක් මගේ ඇගේම කොටසක් විදිහට ජිවත් උන ඔයා හරියටම තව සති තුනකින් මගෙන් වෙන් වෙලා මේ ලෝකේ එලිය බලනවා. අම්මා කෙනෙක් ජිවිතේ ලබන සුන්දරම අත්දැකීම මේක වෙන්න ඇති. මම ඉපදෙනකොට මගේ අම්මාටත් මේ වගේම දැනෙන්න ඇති කියල මං විශ්වාස කරනවා. මට මතකයි මං ලංකාවෙන් එනකොට, හරියටම අව්රුදු දෙකහාමරකට තුනකට උඩදී මට ඕන කරන දේවල් ගන්න  අම්මාත් එක්ක යනකොට ඒ හැම අවස්ථාවකදීම ටිකක් ලොකු ඇඳුමක් දෙකක් අරගෙන මගේ බැග් එකට දාන්න මගේ  අම්මා අමතක කලේ නැ. එත් ඒ හැම අවස්ථාවකම මං  අම්මාට කිව්වේ ''අම්මා මං තව මහත් වෙන්නේ නෑ. මේ ලොකු ඇඳුම් අපරාදේ කියල''. එතකොට අම්මාගේ පිළිතුර වුනේ '' මේවා ඔයාට ටික දවසකින් ප්‍රයෝජනවත් වේවි '' යන්නයි.  එත් මගේ බඩ ටික ටික ලොකු වෙද්දී මට අදින්න පුළුවන් උනේ අම්මා මට බලෙන් දාලා එවපු ඇඳුම් ටික විතරයි.
ජිවිතේ කියන්නේ මහා පුදුම දෙයක්.
අපේ දෙමව්පියෝ සමහර දේවල් කරන්නේ ඉවෙන් වගේ.
අපිට ඒ අයත් එක්ක හැරෙන්න වත් බෑ.......................

Monday, 13 October 2014

පසු කියවීම

නිහඬව ගෙවීගිය පහුගිය වකවානුව හරියට
හීනයක් වගේ
මට මතකයි මම එක තැනක ලියුවා
සියලු ධන සිතිවිලි වලින් පසුව
 "සත්තයි ඒක වෙන්නෑ කියල..."
සත්තකින්ම අදහන්න මට ඔබ එපා
මේ ආත්මබවයේදී පමණක් නොව උපදින මතු
කිසිඳු ආත්මබවයේදී මට ඔබ එපා
පුරුවවේ මා කල යම් පිනක් අනුමෝදම් වීමෙන්
ඔබ මගේ ජීවිතයෙන් ඇතට යන්නට ඇති
ඇත්තටම එය අද මට ආශීර්වාදයකි
එවක මා හඬන්නට ඇති
වැලපෙන්නට ඇති
එනමුත් ඒ සියල්ල මට ආශීර්වාදයක් උනි
අද මා ලෝකයේ යම් තැනක සිටින්නේද
ඒ එදා ඔබ මා හැරදා ගිය නිසාවෙන්මය
ඔබ මගේ ලෝකයෙන් නික්ම නොයන්නට අදටත්
මා නිකමෙකි...

Tuesday, 30 September 2014

සම්භාවනා


 


 
වඩින තුරු සඳ      එළිය
නෙත් අබියස      අඳුරුය
දිනක් කවදා හෝ   ඒවීය
හිරු පාය වී            එළිය

එන තුරා නුඹ මග      බලන්
හිඳිමි මා නෙත්          වලින්
පාරා සිතුවිලි සිත     අව්ලින්
දවාවී මේ දුක්       මතකයන්


නොදත් කමට                     කවිකම්
ලියවේය අනෝරා වැහි මත       ගිගුරුම් 
නගිත් නම් මහා ගිරි                    දම්
එයත් යෙහෙකි ඔබට මා හැර යා     නම්  

 ජීවිතය යනු එසේනම් මේ                    යයි
කියාදුන්නේ
මට නුඹ                           ඇයි
අහස් ගැබ තුල සඳ එළිය සඟවා      කළුවරයි  
හිරු පායා නැවත එසේනම් එළිය වනු    ඇයි  

Wednesday, 24 September 2014

මම මේ ආදරේ විඳ ගත්තොත් මට පව් පිරේවි

මට මතක් වෙනවා ධර්මරාජේ ඉගනගත්තු මගේ යළුවෙක් කියපු කතාවක්.


" ජිව්තේ කවදා හරි දවසක,

ඒ ගැන ආයි පසුතැවෙන විදිහට ඔය ප්‍රශ්නෙට පිළිතුරු හොයන්න එපා"

මම එදා ඒ ප්‍රශ්නෙට කාලයට ඉඩ දීල බලා ගෙන හිටිය.

අද මට ඒ වගේ ප්‍රශ්න සීයදාහක් විතර තිනවා.

ජිවිතේ එන ප්‍රශ්න වලට පිළිතුරු නොදී පැනලා යන එක විසදුමක් නොවේ.

මට එදා ඒ ප්‍රශ්නෙට මුණ දෙන්න තරම් ශක්තියක් තිබුනා නම්,

අද මගේ ජිවිතේ ඇතුලේ මෙච්චර ප්‍රශ්න මට නොතිබෙන්න බොහෝදුරට ඉඩ තිබුනා.

මහනුවර පිළිමතලාවේ වට්ටප්පල ප්‍රදේශයේ දෙමහල් පුන්ච්ම පුංච් මාලිගාවක් හැදුව.

ඒ අපිට

මම දන්නා එකම එක දෙයක් තිනවා.

ඒ ගෙදර උඩුමහලේ කාමරයක් අදටත් දොරගුළු දාලා වහල තිනවා.

ඒ මන් වෙනුවෙන්.

ඒ කාමරේ දොරවල් හැමදාමත් වහලා තියේවි.

ඔයාගේ නෝනා වත් ඒ කාමරේ දොර අරින්න උත්සහ කරන එකක් නැ.

මම මගේ ජීවතේ කරපු එකම එක වරදටවත් ඔයා මට සමව දුන්නේ නැ.

මම කවද හරි දවසක මැරෙන්නේ වැරදි කාරයෙක් විදිහට.

ඒ කියන්නේ වරදකට සමාවක් නොලබපු මනුෂ්ශ්යෙක් විදිහට.

මම කරපු එකම එක වරදට මට දුන්නු දඩුවම දරුණු වැඩි කියල කවදා හරි දවසක ඔයාට හිතේවි.

මම ආදරේ කලා, වයිර කලා, පලි ගත්තා, දුක් වින්දා, හැඬුවා, වැලපුනා ....

මේ හැම දෙයක්ම මගේ තනි හිත පිලි ගත්තා, මට තනි රැක්කා, ඔයා වගේ මාව තනි කලේ නෑ.

"වින්ද්‍යා මගේ අස් වලින් ඇතට යන්නෙපා"

අද මන් ඔයාගේ ඇස් වලින් මුහුදු හතකටත් වැඩිය ඇතයි.

අස් පියවෙන හැම මොහොතකම ඔයා මගේ ඇස් ඉදිරියට එනවා.

චායාවක් විදිහට නෙමේ,

ජීවමානව.

මම මේ ආදරේ විඳ ගත්තොත් මට පව් පිරේවි.

 




Wednesday, 28 May 2014


හීනයක් වගේ ඇතට ගිහින්.... .
අයිමත් ළඟට ඇවිත්,
නොපෙනී යන්න තරම්
ආදරය මේ ජිවිතේ දී ලබාගන්න
මං පාරමී පුරලා නැතුව ඇති.
ඈත  අහසේ දිදුලන තාරකා වලට ආදරේ කරන්න
මං පිං කරල තිබුනට,
ඔබට ආදරේ කරන්න ඒ පිං මදි ඇති.
සසර පුරාවටම මට හිමි නොම වන
මේ සෙනෙහස ලෝකයක් තරමට මට වටිනා බව
මොහොතකට හෝ ඔබට දැනේවී නම්.,
මේ ජිවිතේ මන් දකින ලස්සනම හීනෙ
ඒක වේවි......








Wednesday, 21 March 2012





මේ අවර්ණවත් ජිවිතේ,
වර්ණවත් කරන්න ඔයාට පුළුවන් උනා නම්....
මන් දකින ලස්සනම හීනෙ ඒක වේවි...