නිහඬව ගෙවීගිය පහුගිය වකවානුව හරියට
හීනයක් වගේ
මට මතකයි මම එක තැනක ලියුවා
සියලු ධන සිතිවිලි වලින් පසුව
"සත්තයි ඒක වෙන්නෑ කියල..."
සත්තකින්ම අදහන්න මට ඔබ
එපා
මේ ආත්මබවයේදී පමණක් නොව උපදින මතු
කිසිඳු ආත්මබවයේදී මට ඔබ එපා
පුරුවවේ මා කල යම් පිනක් අනුමෝදම් වීමෙන්
ඔබ මගේ ජීවිතයෙන් ඇතට යන්නට ඇති
ඇත්තටම එය අද මට ආශීර්වාදයකි
එවක මා හඬන්නට ඇති
වැලපෙන්නට ඇති
එනමුත් ඒ සියල්ල මට ආශීර්වාදයක් උනි
අද මා ලෝකයේ යම් තැනක සිටින්නේද
ඒ එදා ඔබ මා හැරදා ගිය
නිසාවෙන්මය
ඔබ මගේ ලෝකයෙන් නික්ම නොයන්නට අදටත්
මා නිකමෙකි...
මගේ ලෝකය සහා මා හදුනා ගත් ලෝකය...... පිපාසයට දිය පොදක් වගෙයි ආදරේ කියන්නේ. එහෙත් මෙය හුදෙක්ම ආදරය හොයාගෙන යන ගමනක් නොවේ. මෙය මේ සංසාරෙ සැරි සරමින් හුදෙක්ම ජීවිතය හොයාගෙන යන ගමනක්. මේ ගමනේ විඩාව නිවන පුංචිම පුංච් දිය බින්දුවක් විතරයි හුදෙක්ම ආදරය.... මේ පිපාසාව සංසිදුවා ගැනීමට නොහැකි වූ සුවහසක් හදවත් වෙනුවෙන්මයි..... මේ පුංචි සටහන.....
Monday, 13 October 2014
Sunday, 12 October 2014
Tuesday, 30 September 2014
සම්භාවනා
වඩින තුරු සඳ එළිය
නෙත් අබියස අඳුරුය
දිනක් කවදා හෝ ඒවීය
හිරු පාය වී එළිය
එන තුරා නුඹ මග බලන්
හිඳිමි මා නෙත් වලින්
පාරා සිතුවිලි සිත අව්ලින්
දවාවී මේ දුක් මතකයන්
නෙත් අබියස අඳුරුය
දිනක් කවදා හෝ ඒවීය
හිරු පාය වී එළිය
එන තුරා නුඹ මග බලන්
හිඳිමි මා නෙත් වලින්
පාරා සිතුවිලි සිත අව්ලින්
දවාවී මේ දුක් මතකයන්
නොදත් කමට කවිකම්
ලියවේය අනෝරා වැහි මත ගිගුරුම්
නගිත් නම් මහා ගිරි දම්
එයත් යෙහෙකි ඔබට මා හැර යා නම්
ලියවේය අනෝරා වැහි මත ගිගුරුම්
නගිත් නම් මහා ගිරි දම්
එයත් යෙහෙකි ඔබට මා හැර යා නම්
කියාදුන්නේ මට නුඹ ඇයි
අහස් ගැබ තුල සඳ එළිය සඟවා කළුවරයි
හිරු පායා නැවත එසේනම් එළිය වනු ඇයි
Wednesday, 24 September 2014
මම මේ ආදරේ විඳ ගත්තොත් මට පව් පිරේවි
මට මතක් වෙනවා ධර්මරාජේ ඉගනගත්තු මගේ යළුවෙක් කියපු කතාවක්.
" ජිව්තේ කවදා හරි දවසක,
ඒ ගැන ආයි පසුතැවෙන විදිහට ඔය ප්‍රශ්නෙට පිළිතුරු හොයන්න එපා"
මම එදා ඒ ප්‍රශ්නෙට කාලයට ඉඩ දීල බලා ගෙන හිටිය.
අද මට ඒ වගේ ප්‍රශ්න සීයදාහක් විතර තිනවා.
ජිවිතේ එන ප්‍රශ්න වලට පිළිතුරු නොදී පැනලා යන එක විසදුමක් නොවේ.
මට එදා ඒ ප්‍රශ්නෙට මුණ දෙන්න තරම් ශක්තියක් තිබුනා නම්,
අද මගේ ජිවිතේ ඇතුලේ මෙච්චර ප්‍රශ්න මට නොතිබෙන්න බොහෝදුරට ඉඩ තිබුනා.
මහනුවර පිළිමතලාවේ වට්ටප්පල ප්‍රදේශයේ දෙමහල් පුන්ච්ම පුංච් මාලිගාවක් හැදුව.
ඒ අපිට
මම දන්නා එකම එක දෙයක් තිනවා.
ඒ ගෙදර උඩුමහලේ කාමරයක් අදටත් දොරගුළු දාලා වහල තිනවා.
ඒ මන් වෙනුවෙන්.
ඒ කාමරේ දොරවල් හැමදාමත් වහලා තියේවි.
ඔයාගේ නෝනා වත් ඒ කාමරේ දොර අරින්න උත්සහ කරන එකක් නැ.
මම මගේ ජීවතේ කරපු එකම එක වරදටවත් ඔයා මට සමව දුන්නේ නැ.
මම කවද හරි දවසක මැරෙන්නේ වැරදි කාරයෙක් විදිහට.
ඒ කියන්නේ වරදකට සමාවක් නොලබපු මනුෂ්ශ්යෙක් විදිහට.
මම කරපු එකම එක වරදට මට දුන්නු දඩුවම දරුණු වැඩි කියල කවදා හරි දවසක ඔයාට හිතේවි.
මම ආදරේ කලා, වයිර කලා, පලි ගත්තා, දුක් වින්දා, හැඬුවා, වැලපුනා ....
මේ හැම දෙයක්ම මගේ තනි හිත පිලි ගත්තා, මට තනි රැක්කා, ඔයා වගේ මාව තනි කලේ නෑ.
"වින්ද්‍යා මගේ අස් වලින් ඇතට යන්නෙපා"
අද මන් ඔයාගේ ඇස් වලින් මුහුදු හතකටත් වැඩිය ඇතයි.
අස් පියවෙන හැම මොහොතකම ඔයා මගේ ඇස් ඉදිරියට එනවා.
චායාවක් විදිහට නෙමේ,
ජීවමානව.
මම මේ ආදරේ විඳ ගත්තොත් මට පව් පිරේවි.
Wednesday, 28 May 2014
හීනයක් වගේ ඇතට ගිහින්.... .
අයිමත් ළඟට ඇවිත්,
නොපෙනී යන්න තරම්
ආදරය මේ ජිවිතේ දී ලබාගන්න
මං පාරමී පුරලා නැතුව ඇති.
ඈත
අහසේ දිදුලන තාරකා වලට ආදරේ කරන්න
මං පිං කරල තිබුනට,
ඔබට ආදරේ කරන්න ඒ පිං මදි ඇති.
සසර පුරාවටම මට හිමි නොම වන
මේ සෙනෙහස ලෝකයක් තරමට මට වටිනා බව
මොහොතකට හෝ ඔබට දැනේවී නම්.,
මේ ජිවිතේ මන් දකින ලස්සනම හීනෙ
ඒක වේවි......
Friday, 19 August 2011
නික්මයෑම
අඩ නින්දෙන් මා ගැස්සි අවදිවිණි
ක්ෂණිකයෙන් මාගේ අත යැවුනේ මොබයිල් දුරකථනය වෙත ය
ඒ... කාලහෝරාව හරියටම නිර්ණය කරගැන්මට ය
වේලාව බැලීමට මා සන්තකව තිබු එකම යන්තරය ඒ එය පමණක්ම වූ බැවිනි
අලුයම 2 පසු වී විනාඩි කිහිපයක් ඉක්ම ගොසිනි
නින්ද මවෙත නොයේ...........
කුමක් හෝ නරක සිතිවිල්ලක් මතකයට නැගේ
අම්මා, මල්ලි, අක්කා හා අයියා...... කිහිප අතකට දෝලනය වෙමින් සිහියට නැගේ
පෙර දින සවස අම්මා කියූ දෙය
නැවත නැවතත් මාගේ මතකය අව්ලුවාලයි
මල්ලි හදිසියේම ලංකාව හැරදමා යාමට තිරණය කලේ අයි?
සියල්ල මාගේ දෙසවන් දෝංකාර දේ
නොයෙකුත් දෑ මා මනස හොල්මන් කරයි.....
විටෙක තාත්තා,
විටෙක මල්ලි....
මොරගසන හඩ මා දෙසවන් රැව්පිළි රැව්දේ
මොලය පිපිරෙන්නට ආසන්නය
සිතල ඉවසා දරාගත නොහැකිය
මා ශීත ඉර්තුවට නැවත නැවතත් ශාප කලෙමි
නැවත මල්ලි මාගේ මතකය හොල්මන් කරයි
පසුගිය වසර 10 ය මුලුල්ලෙලේම නිවාඩුවක් නොගෙන
එකම ආයතනයකට සේවය කල ඔහු,
හදිසියේම ගත් මෙම තිරණය මා ඉතා අපහසුවට හා විශ්මයට පත් කළේය
ඔහු මට සිටින එකම බාල සහෝදරයාය .
පසුගිය වසර කිහිපයක කාලයක් මුළුල්ලේ මා ගත කලේ ඔහු සමගයි
දුක සැප දෙකම එකට බෙදා ගෙන වසර ගණනාවක් අප එකට ජිවත් උනි
මා ඔහු හැර දමා එන විට මාගේ නෙතේ කදුලක් ඉපදුනිද ,
ඔහු මා වත්තම් කරගෙන මා සැනසු අයුරු මට මේ මොහොතේද සිහියට නැගේ
ඇතැම් ප්‍රශ්න සදහා කාලයා විසින් පිළිවදන් සපයා දේ
අදටත් මා විසින් අදහන යම් දෙයක් වේ ,
ඒ කොතරම් පහදා අවබෝධ කර දුන්නත්
සමහරුන් සිටින්නේ ඔව්නට වැරදි.......
ඉන් අනතුරුව නිවැරදි කර ගත යුතු අවදියකය, වයසකය..
මල්ලිට වරදින්නට වැඩි වෙලාවක් ගියේ නැත
මල්ලි සිටින්නද එවන් අවදියකය ..........
ක්ෂණිකයෙන් මාගේ අත යැවුනේ මොබයිල් දුරකථනය වෙත ය
ඒ... කාලහෝරාව හරියටම නිර්ණය කරගැන්මට ය
වේලාව බැලීමට මා සන්තකව තිබු එකම යන්තරය ඒ එය පමණක්ම වූ බැවිනි
අලුයම 2 පසු වී විනාඩි කිහිපයක් ඉක්ම ගොසිනි
නින්ද මවෙත නොයේ...........
කුමක් හෝ නරක සිතිවිල්ලක් මතකයට නැගේ
අම්මා, මල්ලි, අක්කා හා අයියා...... කිහිප අතකට දෝලනය වෙමින් සිහියට නැගේ
පෙර දින සවස අම්මා කියූ දෙය
නැවත නැවතත් මාගේ මතකය අව්ලුවාලයි
මල්ලි හදිසියේම ලංකාව හැරදමා යාමට තිරණය කලේ අයි?
සියල්ල මාගේ දෙසවන් දෝංකාර දේ
නොයෙකුත් දෑ මා මනස හොල්මන් කරයි.....
විටෙක තාත්තා,
විටෙක මල්ලි....
මොරගසන හඩ මා දෙසවන් රැව්පිළි රැව්දේ
මොලය පිපිරෙන්නට ආසන්නය
සිතල ඉවසා දරාගත නොහැකිය
මා ශීත ඉර්තුවට නැවත නැවතත් ශාප කලෙමි
නැවත මල්ලි මාගේ මතකය හොල්මන් කරයි
පසුගිය වසර 10 ය මුලුල්ලෙලේම නිවාඩුවක් නොගෙන
එකම ආයතනයකට සේවය කල ඔහු,
හදිසියේම ගත් මෙම තිරණය මා ඉතා අපහසුවට හා විශ්මයට පත් කළේය
ඔහු මට සිටින එකම බාල සහෝදරයාය .
පසුගිය වසර කිහිපයක කාලයක් මුළුල්ලේ මා ගත කලේ ඔහු සමගයි
දුක සැප දෙකම එකට බෙදා ගෙන වසර ගණනාවක් අප එකට ජිවත් උනි
මා ඔහු හැර දමා එන විට මාගේ නෙතේ කදුලක් ඉපදුනිද ,
ඔහු මා වත්තම් කරගෙන මා සැනසු අයුරු මට මේ මොහොතේද සිහියට නැගේ
ඇතැම් ප්‍රශ්න සදහා කාලයා විසින් පිළිවදන් සපයා දේ
අදටත් මා විසින් අදහන යම් දෙයක් වේ ,
ඒ කොතරම් පහදා අවබෝධ කර දුන්නත්
සමහරුන් සිටින්නේ ඔව්නට වැරදි.......
ඉන් අනතුරුව නිවැරදි කර ගත යුතු අවදියකය, වයසකය..
මල්ලිට වරදින්නට වැඩි වෙලාවක් ගියේ නැත
මල්ලි සිටින්නද එවන් අවදියකය ..........
Subscribe to:
Comments (Atom)

