නොදන්නා
ලෝකයක් අකුරු කරන්නට මගේ සිත මට බල කරන්නේ කවදාක සිටදැයි මට හරියටම
නිනව්වක් නැත. ජීවිතය කොහේ හෝ තැනක අතහැරි ඇති සේයක් මට හැගේ. අනවශ්‍ය ලෙස
හැමදේකටම කලබල වීමේ ගතිය මග හැරී අලස ලෙස දවස ගෙවා දැමීමට මගේ ශරීරය හුරු
වෙමින් පවතී. අතරින් පතර තවමත් මීදුම කඳු අතරින් පහවෙමින් පවතී. උදැසන
සුර්යාලෝකය ඉඳ හිටක ගසක කොලයක ඇති පිනි බිංදු ගිල ගන්නට මේන් මාන බලයි. මේ
වේලිංටන් ඇතුලේ මගේ ජීවිතය දියවන්නට පටන් අරං වසර පහකුත් ඉක්ම ගොසින්.
ඇසි
පිය හෙලන සැනින් හැම දෙයක්ම වෙනස් වෙන්න පුළුවන් නම් ආදරය විතරක් වෙනස්
නොවී තියෙයි කියලා මම කොහොමද විශ්වාස කරන්නේ. රැක ගන්න මහා ලොකු දේවල් නැති
ලෝකෙක මම ජිවත් වෙන්නනේ. ඒක මට අවබෝද කර ගන්න පුළුවන්. ඒත් මේ හැම දේම විඳ
ගන්න ඔයා මගේ ලඟ හිටියා නම්, මට මේ ලෝකේ ඇතුලේ මහා ලොකු ශක්තියක් නැහැ.
මාව තනි කරන්නේ නැති මගේ අහිංසක හිත විතරයි මට තියෙන්නේ. ඒක පොඩ්ඩක් තේරුම්
ගන්න ඔයාට පුළුවන් වුනා නම් හැම දෙයක්ම වෙනස් වෙන්න තිබුනා. සියල්ල විඳ
දරා ගැනීමට නොහැකි වටපිටාවක් නිර්මාණය වුයේ මා අතින්ම බව අදඳු ඔබ මට නගන
චෝදනාවයි. නමුත් එයට මට පාර කියා දුන්නේ ඔබ බවට කිසිඳු තැනක සටහන් නොවේ. මට
කිසිවක් විශ්වාස කරගැනීමට නොහැකි වටපිටාවක් නිර්මාණය වෙමින් පවතී.
ලෝකය වට හතක කැරකි එකම තැනක නතර උවත් ඔබ ඔබමය, මා මා මය. සිදුව ඇත්තේ ලෝකය කැරකි එකම තැනකට සපැමිනීම පමණයි. කියන්නට බොහෝ දේ ද කරන්නට බොහෝ දේද ඉතිරිව ඇත. ජය පරාජයකින් තොරව ඩවන තරඟයක් අවසාන කරන්නාක් මෙන් සියල්ල අතර මග නවතා දැමීමට මට නොහැක. මම බොහෝ විඩාවෙන් පේළෙමි. මට නිදිමතත් පිපාසයත් බොහෝ සෙයින් දැනේ. බොන්නට දිය බිඳක් හෝ නිදන්නට අගුපිලක් හෝ පෙනෙන තෙක් මානයක නැත. විඩාව මට තව තවත් තදින්ම දැනෙමින් පවතී.